නයිට්‍රිජන් ඌනතාවය
![]() |
![]() |
ඌනතා ලක්ෂණ
ශාකයේ වර්ධනයට ප්‍රමාණවත් තරම් නයිට්‍රිජන් නොලැබුණ විට ශාකයේ නයිට්‍රිජන් ඌනතා ලක්ෂණ පෙන්නුම් කරයි. ශාකයේ වර්ධන අවධිය අනුව ඌනතා ලක්ෂණ වෙනස් වේ. ගොයම් ශාකය පැළ අවස්ථාවේදී නයිට්‍රිජන් ඌනතාවය නිසා,
- ගසේ වැඩීම බාලවේ.
- රිකිලි දැමීම නවතී.
- මේරූ පත්‍ර කහ කොළ පැහැයක් ගෙන පත්‍ර අග සිට වියළී යාම සිදු වේ.
- මෙම ඌනතාවය දිගටම පැවතුනහොත් කරල් හට ගැනීම කලින් සිදුවේ.
- ඉතා අඩු බීජ සංඛ්‍යාවක් ඇති කුඩා කරල් හට ගනී.
- ශාකය වැඩුණු අවස්ථාවේදී මේරුණු පත්‍ර කහ පැහැයක් ගන්නා අතර අළුතින් ඇතිවන පත්‍ර කොළ පැහැයක් ගනී. මෙහි ප්රථිඵලය වන්නේ මුළු වගාවම ඒකාකාරි ලෙස කහ පැහැයක් ගැනීමය.
මඟහරවා ගැනීම
- නිසි ලෙස නට්රිජන් පොහොර භාවිතයෙන් මෙම ඌනතාවය මඟහරවා ගත හැකිය.දේශීය වශයෙන් යූරියා හෝ ඇමෝනියම් සල්ෆේට් භාවිතා කෙරේ.
- වර්ධන අවස්ථාව අනුව කොටස් කිහිපයකින් ලෙස නියමිත නයිට්‍රිජන් පොහොර ප්‍රමාණය ලබාදිය යුතුය.
- නයිට්‍රිජන් පොහොර යෙදීමේදි පසේ ස්වභාවය, ජල තත්වය, ගසෙහි වර්ධන අවධිය හා වල් පැල පිහිටීම යන කරුණු ගැන සළකා පොහොර යෙදීම කලයුතුය.