පත්‍ර රෝල් වී තිබීම

 

 

 

වියහැකි සිදුවීම

තහවුරු කරගැනීම

ගොක් මැස්සා

  තෙත් කාලයේදී ගැටළු ඇති කරයි. ළූණු කොළ වැනි වූ නාලාකාර ගොබ හටගනී. මෙම ගොබ දිග හෝ කෙටි විය හැක. ආසාදිත රිකිලි මඟින් කරල් හට නොගනී. පුෂ්ප මංජරිය හට ගත් පසුව ගැටළු ඇති නොවේ.

කොළ හකුලන දළඹුවා

  පත්‍ර දාරය හැකුලාගෙන බොහෝ විට ඒ තුල පළිබෝධකයා සිටී. පත්‍රය මත මොවුන් ආහාර ගැනීමෙන් ඇති වූ සුදු පැහැති රේකා දැකිය හැක.

තැඹිලි පැහැපත්‍ර ඇතිවීම (කලාතුරකින්)

සම්පූර්න ශාකයම කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී. ශාකය කුරුවී මැරීයයි.

ලවනතාවය (ප්‍රාදේශීයව)

විශේෂිත ක්ෂේත්‍රවලදී - ශාකය කුරුවේ. පත්‍ර අග්‍ර සුදු පැහැවේ. ක්ෂේත්‍රයේ හිස් අවකාශ දැකිය හැක. ක්ෂේත්‍රයේ ලවන තැන්පත් වී තිබේ.