වියහැකි සිදුවීම් |
තහවුරු කරගැනීම |
කොපු පනුවා |
කොපු පනුවා ක්ෂේත්රයේ දැකිය හැක. - සුදු පැහැ පැහැදිලි ලප පත්රයේ සමාන්තරව විහිදේ. |
ගොක් මැස්සා |
තෙත් කාලයේදී ගැටළු ඇති කරයි. ළූණු කොළ වැනි වූ නාලාකාර ගොබ හටගනී. මෙම ගොබ දිග හෝ කෙටි විය හැක. ආසාදිත රිකිලි මඟින් කරල් හට නොගනී. පුෂ්ප මංජරිය හට ගත් පසුව ගැටළු ඇති නොවේ. |
හිස්පා (ප්රාදේශීයව) |
විශේෂිත ක්ෂේත්රවලදී - පත්රයේ සමාන්තර අතට විහිදෙන පටු සුදු පැහැ ඉරි දැකිය හැක. හානිය දරුනු වූ විට කීඩෑ පිළිස්සුම සමඟ වෙන්කර හඳුනාගැනීම අපහසුය. |
Leptispa |
මොවුන් කා දැමීම හේතුවෙන්, පත්රයට සමාන්තරව විහිදෙන පටු සුදු පැහැ රේකා දැකිය හැක. මෙම රේකා පටුවීම හැරුනු කොට මොවුන්ගේ හානිය හිස්පාගේ හානියට සමානය. |
කොළ හකුලන දළඹුවා |
පත්ර දාරය හැකුලාගෙන බොහෝ විට ඒ තුල පළිබෝධකයා සිටී. පත්රය මත මොවුන් ආහාර ගැනීමෙන් ඇති වූ සුදු පැහැති රේකා දැකිය හැක. |
පළගැටියා |
පත්ර දාරයට හානි නොකර පත්ර තලය කා දැමීමෙන් සිදුරු ඇතිවේ. හානියේ ලාක්ෂණික රටාවක් ඇත. |
ගොයම් නැට්ටුවා |
කීටයා පත්ර තලයට සමාන්තරව පත්ර තලය කා දමයි. මෙලනිටිස් දළඹුවාගේ (green horned caterpillar) හානිය මොවුන්ගේ හානියට සමානය. |
කරටි පනුවා |
නොමේරූ පත්ර වල ඇතුලත දාරයේ පැහැදිලි හෝ කහ පැහැති ලප දැකිය හැක. පත්ර තරමක් විකෘති වී ඇත. පඳුරු දැමීම අඩුවේ. මේරීම පමාවේ. ක්ෂේත්රයේ ජලය බැඳ තබන අවස්ථාවල හානිය දැකිය හැක. |
අංකොට තණපෙත්තා |
අංකොට තණපෙත්තා ක්ෂේත්රයේ සිටින විට- පත්ර දාරයට ඇසන්නව පත්ර තලය විශාල කොටසක් කා දැමයි. ලාක්ෂණික රටාවකට දාරය කා දමයි. |
අංදිග තණපෙත්තා |
අංදිග තණපෙත්තා ක්ෂේත්රයේ සිටින විට- පත්ර දාරයට ඇසන්නව පත්ර තලය විශාල කොටසක් කා දැමයි. ලාක්ෂණික රටාවකට දාරය කා දමයි. |
පැළමැක්කා |
පත්ර කහ හෝ රතු පැහැ වේ. පත්ර තලය රෝල් වේ. ක්ෂේත්රයේ ජලය නොමැතිවිට හානිය දැකිය හැක. |