වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
කළු මකුණා |
කළු මකුණාගේ හානියේදී කීඩෑ පිලිස්සුම් ස්වභාවය දැකිය හැක. මකුණා යුෂ උරාබීම නිසා ඇති වූ සිදුරු වටා දුඹුරු පැහැයක් ගන්නා අතර මේවා කොළ පාලුවේදී ඇතිවන හානියට සමානය. පත්‍ර රෝල් විය හැක. මකුණන් තෙතමනයට කැමතිය. |
කොළ පාළුව (උග්‍ර ආසාදිත තත්ව යටතේ) | තර්කු හැඩැති රිෂ්ඨ දැකිය හැක. (මධ්‍යයෙන් පළල් වී දෙකෙලවරට වන්නට සිහින් වේ) දුඹුරු පුල්ලි රෝගයේදී ඇතිවන රිෂ්ඨ කවාකාර වුවද මෙම රෝග වෙන්කර හඳුනාගැනීම අපහසු විය හැක. පුරුක් හෝ ගෙල ආසාදනය විය හැකි අතර එය බීජ හටගැනීම අඩුවීමට හෝ බීජ හටනොගැනීමට හේතුවේ. |
හිස්පා (ප්රාදේශීයව) | විශේෂිත ක්ෂේත්රවලදී - පත්‍රයේ සමාන්තර අතට විහිදෙන පටු සුදු පැහැ ඉරි දැකිය හැක. හානිය දරුනු වූ විට කීඩෑ පිළිස්සුම සමඟ වෙන්කර හඳුනාගැනීම අපහසුය. |
පිළිස්සීම (Scald) | සාමාන්‍යයෙන් පත්‍ර අග්‍රයේ හෝ මේරූ පත්‍ර මත විශාල ඇයත හැඩැති හෝ දියමන්ති හැඩැති රිෂ්ඨ දැකිය හැක. මෙම රිෂ්ඨ වටා තද පැහැති පටු පටියක්ද රිෂ්ඨ මධ්‍යයේ ලා දුඹුරු පැහැති සිදුරක්ද දැකිය හැක. |
පිට සුදු පැළ කීඩෑවා | කීඩෑවා ක්ෂේත්රයේ දැකිය හැක. පිට සුදු පැළ කීඩෑවාගේ හානියේදී ඉතා කලාතුරකින් කීඩෑ පිලිස්සුම දැකිය හැක. නමුත් දුඹුරු පැළ කීඩෑවාද සමඟ ක්ෂේත්රයේ දැකිය හැක. වෛරස් රෝග නොපතුරවයි. |