වියහැකි සිදුවීම | තහවුරු කරගැනීම |
බෝරෝන් විෂවීම (කලාතුරකින්) | කලාතුරකින් දැකිය හැක. පත්‍ර අග්‍රය දුඹුරු පැහැ ගනී. තද දුඹුරු පැහැති ඉලිප්සාකාර ලප නාරටි වලට සමාන්තරව දැකිය හැකි අතර මේවා පත්‍ර අග්‍රයේ ඒකරාශී වේ. |
නියඟය | රෝග ලක්ෂණ ඇතිවූයේ අයහපත් දේශගුන තත්ව හෝ ක්ෂේත්රයේ ගොඩැලි තිබීම නිසාදැයි ගොවියාගෙන් අසා දැන ගැනීම. - ශාක කුරුවීම, පත්‍ර රෝල්වීම, මල් පිපීම ප්‍රමාදවීම, පත්‍ර අග්‍රය පිළිස්සීම සහ පත්‍ර කහ වීම. බොල් කරල්ඇතිවීමටද ඉඩ ඇත. |
යකඩ විෂවීම | ශාකයේ පහල පත්‍ර වල අග්‍රස්ථයේ ඉතා කුඩා දුඹුරු පැහැ ලප ඇතිවීම හෝ සම්පූර්ණ පත්‍රයම තැඹිලි කහ හෝ දුඹුරු වියහැක. මුල් මතුපිට කළු පැහැ ආවරනයක් දැකිය හැක. ජලය මතුපිට මලකඩ ස්වභාවයක් “Rust” දැකිය හැක. |
මැන්ගනීස් ඌනතාවය | කැකුළන් වී ගොවිතැනේදී හා ආම්ලික පසෙහි; නාරටි අතර කහ පැහැයට හුරු දුඹුරු පැහැ ලප දැකිය හැක. මෙය නාරටි අතර ව්‍යාප්තවේ. ජල සම්පාදිත තත්ව යටතේ ඉතා විරලය. |
නයිට්රජන් ඌනතාවය | පොහොර යොදන අනුපාතිකය වැදගත්වේ. ශාකය කහ පැහැවේ. කුරුවේ. මේරූ පත්‍ර හෝ සම්පූර්න ශාකයම කහ පැහැයට හුරු කොළ පැහැයක් ගනී. |
පොටෑසියම් ඌනතාවය | ශාකය තද කොළ පැහැයක් ගන්නා අතර පළමුව මේරූ පත්‍ර වල කහ පැහැයට හුරු දුඹුරු පැහැ දාර ඇතිවීම හෝ පත්‍ර අග්‍රයේ තද දුඹුරු පැහැ නෙක්රෝසීය ලප ඇතිවීම/ වියලීයාම දැකිය හැක. |