වී භෝගය ශ්‍රි ලංකාවට ඉතා වැදගත් වන අතර එහි වගා කරන බිම් ප්‍රමාණයෙන් 34% (0.77 හෙක්ටයාරයට මිලියන ) ප්‍රමාණ වගා කරයි. මහ කන්නයේදී ප්‍රමාණයෙන් හෙක්ටයාර 560000ක් පමණ වගා කරන අතර එය යල කන්නයෙදී හෙක්ටයාර 560000ක් පමණ වගා කරන අතර එය යල කන්නයේදී හෙක්ටයාර 310000ක් පමණ වේ.එමඟින් වාර්ෂිකව හෙක්ටයාර 870000ක් පමණ ප්‍රදේශයක වී වගා කරනු ලබයි. වී වගාව මත යැපෙන පවුල් මිලියන 0.88ක් පමණ ලංකාව පුරා ව්‍යාප්තව පවතී. වාර්ෂිකව වී ටොන් ටොන් මිලියන 5.1ක් පමණ නිපදවන අතර එය ගෘහස්ථ සහල් අවශ්‍යතාවය සපුරාලයි. සහල් මඟින් ශ්‍රි ලාංකිකයෙකුට අවශ්‍ය සම්පූර්ණ කැලරි ප්‍රමාණයෙන් 45%ක්ද , සම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 40%ක්ද සපුරාලනු ලබයි. එක් පුද්ගලයෙකු වර්ෂයකදී සාපේක්ෂ වශයෙන් 100 පමණ සහල් ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එම ප්‍රමාණ සහල්, පාන් සහ තිරිඟු පිටි වල මිල යන සාධක මත රඳා පවතී.
වර්තමානයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රු. 12.50ක් පමණ වැය වේ. මින් කම්කරුවන් සඳහා වන වියදම බල ශක්තිය සහ මිලයට ගනු ලැබූ යෙදවුම් සඳහා වියදම් පිලිවෙළින් 56%, 22% සහ 23% පමණ වශයෙන් වැයවේ මින් කම්කරු ශ්‍රමය සඳහා වන වියදම පසුගිය වසර කිහිපයකදී අනෙකුත් වියදම් වලට වඩා වැඩිවෙමින් පවතී.
වාර්ෂිකව ලෝකයේ වී සඳහා වන ඉල්ලුම 1.95% පමණ වැඩිවන අතර නිෂ්පාදන වැඩි වන්නේ 162%කින් පමණය. එබැවින් ඉතිරි වසර 20 තුලදී වී නිෂ්පාදනය දෙගුණ කල යුතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව වී මිල 0.73කින් පමණ අඩු වේ. මෙම තත්වය අප රටට එය අභියෝගයක් වන අතර මෙහිදී අපට ඉදිරි වසර වලදී අඩු මිලට වඩා හොඳ ගුණාත්මයකින් යුතු සහල් නිෂ්පාදනය කල යුතු වේ.